ගාලු මුවදොර අරගලයට දින පනහ සපිරීම නිමිත්තෙන් අරුත්බර වෙනසක්

පාර්ශව ගණනාවක සහභාගීත්වයෙන් ගාලු මුවදොර පැවැත්වෙන සාමකාමී අරගලයට දින 50 ක් සම්පූර්ණ වීම හේතුවෙන් එහි ස්වරූපය වඩාත් අරුත්බර කිරීමට එහි නියාමකත්වය දරන සාමාජිකයන් තීරණය කොට තිබේ.එහි ආරම්භක පියවර ලෙස අරගලයේ දින 50 සනිටුහන් කරමින් විරෝධතාවයේ නිරත පිරිස අද ගාලු මුවදොර වෙරළ තීරය පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක නිරත වූහ.මේ අතර ඉන්ධන අර්බුදයට විසඳුමක් ලෙස පා පැදිය ප‍්‍රචලිත කිරීමේ වැඩසටහනක් ද ක‍්‍රියාත්මක කිරීමට ද ඔවුන් පියවර ගෙන තිබේ.මේ අතර ගාලු මුවදොර අරගලයට දින 50 ක් සම්පූර්ණ වීම හේතුවෙන් අද(28) පස්වරුවේ දිවයින පුරා විරෝධතා මාලාවක් සංවිධාන කර ඇති බව කම්කරු අරගල මධ්‍යස්ථානය පවසයි.කෙසේ වෙතත් කොළඹ නගර සීමාවේ ස්ථාන කිහිපයකට ඇතුළු වීම වළක්වාලමින් අධිකරණය විසින් වාරණ නියෝගයක් ද පනවා තිබේ.

කාලීන පුවත්