තවම ගෑස් නැහැ;පෝලිම් ගැහෙන්න එපා

ලබන සතියේ මැද භාගය තෙක් ගෘහස්ථ ගෑස් සිලින්ඩර බෙදා හැරීමක් සිදු නොවන බැවින් ගෑස් සිලින්ඩර් මිලදී ගැනීම සඳහා පෝලිම්වල රැඳී නොසිටින ලෙසද ලිට්‍රෝ සමාගම ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.ගෑස් මෙට්‍රික් ටොන් 3500 බැගින් වූ නැව් දෙකක් සඳහා දැනටමත් ගෙවීම් කර ඇති අතර ඉන් එක් නෞකාවක් ලබන සඳුදා දිවයිනට පැමිණීමට නියමිතව තිබේ. ඒ අනුව ලබන අඟහරුවාදා සිට ගෘහස්ථ ගෑස් සිලින්ඩර බෙදා හැරීමට හැකි වනු ඇති බවට ලිට්‍රෝ සමාගම විශ්වාසය පළ කරයි.

කාලීන පුවත්