ජොන්ස්ටන් අත් අඩංගුවට ගන්න නීතිපතිගෙන් සීඅයිඩියට උපදෙස්

පසුගිය 09 දා කොල්ලුපිටියේ සහ ගාලුමුවදොර සාමකාමී අරගල කරුවන්ට පහර එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද(01) උපදෙස් දී ඇතැයි පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග සදහන් කරයි.එම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් මන්ත්‍රීවරුන් සහ සෙසු සැකකරුවන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කෙරිණ.

කාලීන පුවත්