මේ දිනවල ගම්පහ දිස්ත්රික්කයේ දොම්පෙ ආශ්රිතව මල්වාන ඇතුළු රඹුටන් වගා කොට ඇති ප්රදේශ ආශ්රිතව ඇද හැලෙන වර්ෂාව නිසා රඹුටන් ගැට විශාල ප්රමාණයක් ඇද වැටෙන්නට පටන් ගැනීම ඉදිරි මාස කිහිපය තුළ ලැබෙන රඹුටන් ඵලදාව බොහෝ දුරට අඩු වනු ඇතැයි වැවිලි කරුවෝ කියති.එමෙන්ම රාත්රී කාලයට නිදි වරමින් ඉතා දුෂ්කර ලෙස ලබා ගන්නා රඹුටන් වගාවෙන් වගා කරුවන්ට මීට වඩා වාසිදායක තත්වයක් උදා කර දීම කෙරෙහි බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු යැයි ද වගා කරුවෝ කියති.