ලාෆ් ගෑස් සමාගම කිලෝ 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 6,850 ක් දක්වා ඉහළ දමා ඇති අතර කිලෝ 5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 2,740 ක් දක්වා ඉහළ දැමීමට පියවර ගෙන තිබේ.මාස තුනකට අධික කාලය ගෑස් සැපයුම නොකළ ලාෆ් ගෑස් සමාගම නව මිල යටතේ හෙට (6) සිට නැවත ගෑස් බෙදාහැරීමට නියමිතය.