හෙට සිට පෞද්ගලික බස් ධාවනය 1/3ට බහී

පෞද්ගලික බස් රථ සඳහා ඩීසල් සැපයීමේ නිසි ක්‍රමවේදයක් නොමැතිවීම හේතුවෙන් හෙට(6) සිට සමස්ථ බස් රථවලින් තුනෙන් එකක් හෙවත් පන්දහසකට පමණ සීමා වනු ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීයලංගම ඩිපෝ මගින් පෞද්ගලික බස් රථ සඳහා ඉන්ධන ලබා දීම සිදුවුවත් එහි ද අඩුපාඩු රැසක් පවතින බව කී විජේරත්න මහතා හෙට සිට බස් රථ ධාවනයෙන් වැලකී සිටීමට කලින් තීරණය කළත් හෙට නව පාසල් වාරය ආරම්භ වන බැවින් සීමිත ලෙස හෝ බස් රථ ධාවනය කිරීමට කටයුතු කරන බව පැවසීය.

කාලීන පුවත්