බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට ආවේම ඒ වන විටත් යන එන මං නැතිව තිබූ ශ්‍රී ලංකා ආර්ථිකය දියුණු කිරීමට ය.එවැන්නක් කළ හැකි එකම පුද්ගලයා ඔහු බවට පළ වූ ප්රචාරයත් සමඟ බැසිල් රාජපක්ෂ විශේෂ ජාතික අවධානයකට නතු විය.පොදු පෙරමුණු ආධාර කරුවන් හන්දියක් ගාණේ කිරිබත් කන අතරේ ඔහු මුදල් ඇමති තනතුරේ දිවුරුම් දෙන ලද්දේ බැසිල් රාජපක්ෂ යනු මොල හතක් සහිත අමුතුම සත්වයකු බවට සමාජය පුරා රාව ප්රතිරාව නංවමිනි.නමුත් මේ මුදල් ඇමතිවරයා ලංකාවේ මුදල් සංචිත බින්දුවටම ඇද දමමින් බංකොලොත් රටක් නිර්මාණය කළේය.
මේ ත්ත්වය යටතේ ආර්ථික අර්බුදය උග්‍ර වී ජනතාව මහ මඟට පැමිණි අතර ජනාධිපති ලේකම් කාර්යාලය අසල ගෝටාගෝගම නමින් ස්ථිර අරගල භූමියක් ද නිර්මාණය විය.බැසිල් රාජපක්ෂ සමාජය තුළ “කපුටු කාක්” නමින් කෙතරම් ප්‍රචලිත වීද යත් ඔහු තම ජංගම දුර කතනයේ “රිංග් ටෝන්” එකට පවා කපුටු කාක් ගීතය යොදා ගෙන ඇති බව කීය.ඔහු තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය පවා අත හරිනුයේ ජුනි මස 09 දාය. එනම් 6 යි 9 දා ය. එය 69 ය ලෙස අර්ථ දැක්විය හැකිය.
එසේම ඔහු රටේ වර්තමානයේ ඇතිව තිබෙන තත්ත්වයට රාජපක්ෂවරු වගකිව යුතු නම් ඊට ඔවුන්ට බලය ලබාදුන් 69 ලක්ෂයක ජනතාව ද වගකිව යුතු බව එම මාධ්‍ය හමුවේ දී කීවේය.ඒ අනුව ඔහු නික්ම යන්නේ ලක්ෂ 69 ක් වූ පොදුජන පෙරමුණේ ජනතාවට ටොක්කක් ද අනිමිනි. බැසිල් රාජපක්ෂ පැමිණෙන විට ඔහු ඉතා දක්ෂ තැනැත්තෙකු බව කියූ අයම දැන් ඔහු අසාර්ථක නායකයෙකු බව කියයි. බැසිල් ආර්ථිකය හදන බව කියූ නිමල් ලන්සා මන්ත්‍රීවරයා පවා අද සිටින්නේ අගමැති රනිල් ළඟ ය.බැසිල් රාජ්‍ය පාලනයෙන් ඉවත් වුවද දේශපාලනයෙන් ඉවත් නොවන බව ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්ට බාරදීමෙන් පසු පැවැති මාධ්‍ය හමුවේදි කීවේය.
බැසිල්ගේ ඉවත්වීම සම්බන්ධයෙන් දේශපාලන තලයේ මාතෘකාවන් දෙකක් සාකච්ඡාවට බදුන්වේ. ඉන් එකක් නම් ඔහු ඉවත් වන්නේ රාජපක්ෂලා මෙතනට ඇද දැමූවේ බැසිල් යනුවෙන් චෝදනාවක් රාජපක්ෂ පවුල තුළින්ම ඔහුට එරෙහිව පැන නැගී ඇති පසුබිමක ය.බැසිල්ගේ බිරිඳ පුෂ්පා ඔහු මන්ත්‍රී ධුරයෙන් ඉවත්වන දින අලුයම ඇමරිකාව බලා පිටත්ව යන්නේ එනිසාවෙන් බව එම කතා බහේදී ප්‍රකාශ වන්නකි. රාජපක්ෂ පවුලේ සියළු කුණු කන්දල් තම කරමතට ගෙන ඔහු ඉවත් වූ බව එයින් කියවිණි. බැසිල් රාජපක්ෂගේ ඉල්ලා අස්වීම මත අනෙක් මාතෘකාව වන්නේ මේ වන විට අගමැති පාර්ශවයෙන් ගෙන ඒමට යෝජිත 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ය.
එම ව්‍යවස්ථා සංහෝධනයේ ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවට පැමිණීම වළක්වාලන වගන්තියක් ඇතුළත්ව තිබේ. එම සංශෝධනය පාර්ලිමේන්තුවේදී සම්මත වුවහොත් බැසිල් රාජපක්ෂට නිතැතින්ම මන්ත්‍රී ධූරය අහෝසි වනු ඇත. එම නිසා ඔහු ඉල්ලා අස්වී ඔහුගේ ගෝලයන් හරහා එම වගන්තිය ගෙන ඒමේ ප්‍රයෝජනයක් දැන් නැතැයි පාර්ලිමේන්තුවේ දී පවසා එම වගන්තිය ඇතුළත්වීම වලක්වා ගැනීමට ය.
එහෙත්, එය සාර්ථක වනු ඇතැයි සිතිය නොහැක. කෙසේ නමුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ ඔහු ය. පක්ෂයේ පාලන බලය තවමත් ඇත්තේ ඔහුගේ කණ්ඩායම සතුව ය. එම නිසා පක්ෂයේ මන්ත්‍රීවරුන්ට බලපෑම් කිරිමේ බලය ඔහු සතු ය. දේශපාලනයෙන් ඉවත්ව නොයන්නේ තමන් සමඟ සිටි පිරිස වෙනුවෙන් බව ඔහු පවසයි.
එයින් කියැවෙන්නේ ඔහු තාවකාලික පසු බැස්මක නිරතව සිටින බවකි. එනම් පිටත සිට ආණ්ඩුවේ “කකුලෙන් ඇදීමේ” ක්‍රියාමාර්ගයක ඔහු නිරත නොවනු ඇතැයි සිතිය නොහැකි ය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා රාජපක්ෂ පවුල අතර ද ඇත්තේ බිඳ වැටීමක් බවට දේශපාලන කරලියේ කතා වන්නකි.
ඒ අනුව රාජපක්ෂ පවුල් දේශපාලනය භේද භින්නතා වලින් යුතු වන්නේ නම් රනිල් වික්‍රමසිංහගේ අගමැති තනතුර රාජපක්ෂ වරුන් බේරා ගැනීම පිණිස භාර ගත් එකක් බව පිළිගන්නට පෙර අප තව දුරටත් සිතා බැලිය යුතු වෙයි.මක් නිසාද රනිල් වික්‍රමසිංගේ සමහර දේශපාලන උපාය මාර්ග මහ අමුතුම තාලේ ඒවා බැවිනි.
ලසන්ත වීරකුලසූරිය