අම්පාරේ නිවාස විසි තුනකට සුළඟින් හානි

අම්පාර, දමන දේවාලහිඳ, තිඹිරිගොල්ල ප්‍රදේශ හරහා ඊයේ(10) සවස හමාගිය තද සුළඟකින් නිවාස 23 කට හානි සිදුව තිබේ.

එම සුළඟින් දේවාලහිඳ ප්‍රදේශයේ නිවාස 21 කට හා තිඹිරිගොල්ල ප්‍රදේශයේ නිවාස 02කට හානි සිදුව ඇති අතර ඉන් නිවාස
නිවාස 06කට බරපතල හානි සිදුව ඇතැයි දමන ප්‍රාදේශීය ලේකම් උදාර නානායක්කාර මහතා කීය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ නිවාස හානි වූවන් වෙනුවෙන් අද(11) දිනයේ සහන සැලසීමට නියමිත බවය.

කාලීන පුවත්