ඡන්ද හිමි නාමලේඛන ප්‍රදර්ශනය කිරීම අද සිට

ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධන ක්‍රියාවලියට අදාළව ඡන්ද ලැයිස්තු ප්‍රදර්ශනය කිරීම අද (15) දිනයේ සිට ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව එම ලැයිස්තු ප්‍රදර්ශනය කිරීම ජූලි මස 12 වන දින දක්වා සිදුකෙරෙනු ඇති බව එම කොමිසම සඳහන් කළේය.

එමෙන්ම හිමිකම් ඉල්ලීම් සහ විරෝධතා ඉදිරිපත් කිරීම ද මෙම කාලසීමාව තුළ සිදුකෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

ඡන්ද නාමලේඛන සහතික කිරීම එළඹෙන ඔක්තෝබර් මස 31 වැනිදා සිදුකිරීමට නියමිතව තිබේ.

කාලීන පුවත්