ඉදිරි මහ කන්නයේ යූරියා කිලෝග‍්‍රෑම් 50 මළු තුන් ලක්ෂ හැටපන් දහසක් නොමිලේ!

ඉදිරියේ එළඹෙන මහ කන්නය සඳහා අඩු ආදායම් ලාභී ගොවි පවුල්වලට යූරියා කිලෝග‍්‍රෑම් 50 පොහොර මළු තුන් ලක්ෂ හැටපන් දහසක් නොමිලයේ ලබාදීමට ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය එකඟත්වය පළ කර තිබේ.ඒ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ මෙරට නියෝජිතයින් සමඟ පැවති විශේෂ සාකච්ඡාවලදී ය.ඒ අනුව එක් ගොවි පවුලකට කිලෝග‍්‍රෑම් 50 යූරියා පොහොර මල්ලක් බැගින් දිවයින පුරා අඩු ආදායම්ලාභී ගොවි පවුල් තුන් ලක්ෂ හැටපන් දහසකට කට මෙම යූරියා පොහොර ලබා දීමට මේ වන විට තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරනුයේ දැනට සැලසුම් කොට ඇති වැඩ සටහන් ආර්ථක ලෙස ක්‍රියාත්මක වුවහොත් ඉදිරියේ එළඹෙන ගෝලීය ආහාර අර්බුදය වුව ශ්‍රී ලංකාවට එතරම් දරුණු ලෙස බල නොපානු ඇති බවය.

කාලීන පුවත්