පසුගිය කාලයේ නිවාස අධිකාරියේ සභාපති ලෙස කටයුතු කළ දුමින්ද සිල්වා මහතා බන්ධනාගාර නිලධාරීන් යටතට පත් වීමත් සමග මීට පෙර ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ උප සභාපති ලෙස කටයුතු කරන ලද රජිව් සූරියආරච්චි මහතා එම තනතුරට පත් කොට ඇත.මිනී මැරීමේ චෝදනා වලට වරදකරු බවට ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවක් මත මරණ දඬුවම හිමි වී සිරගත කර සිටියදී ජනාධිපති සමාමෙන් නිදහස ලැබූ දුමින්ද සිල්වා මහතාට එම ජනාධිපති සමාව ලැබූ ක්‍රමවේදය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීමත් සමඟ ඔහුගේ එම ජනාධිපති සමාව තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණ කටයුතු කොට ඇත.නමුත් දුමින්ද සිල්වා මහතා අපස්මාර රෝගී තත්වයක් මත බව පවසමින් රෝහල් ගත කිරීම මත ඔහු තවදුරටත් බන්ධනාගාර නිලධාරීන් යටතේ ප්‍රතිකාර ලබමින් සිටී.