ගෑස් අනතුරු වින්දිතයන්ට සාධාරණය පතා අන්තර්ජාතික අධිකරණයට පසුගිය කාලයේ සිදු වූ ගෑස් අනතුරුවලින් හානිදායක බලපෑම් වලට ලක් වූ වින්දිතයන්ට සාධාරණය ඉල්ලා අන්තර්ජාතික අධිකරණයට යෑමට කටයුතු කරන බව ගෑස් වින්දිතයන්ගේ සංගමයේ කැඳවුම්කරු මිලින්ද ප්‍රේමරත්න මහතා පවසයි.රට පුරාම ගෑස් පිපිරීම්, කාන්දු වීම් හා ළිප් ගිනි ගැනීම් 900කට වැඩි ප්‍රමාණයක් වාර්තා වූ බවත් එමඟින් සිදුවූ මරණ 7කට ලිට්රෝ සමාගම වගකිව යුතු බවත් ඔහු කියයි. මේ අපරාධය සඳහා ශ්‍රී ලංකාව තුළින් විසඳුමක් ලබාගත නොහැකි තත්ත්වයක් ඇති වී තිබෙන බවත් එයට කඩිනමින් විසඳුමක් ලබාදීමට රජය හා මානව හිමිකම් කොමිසම අපොහොසත් වී ඇති පසුබිමක් තුළ තම සංගමය ජාත්‍යන්තර අධිකරණයෙන් සහාය බලාපොරොත්තු වන බව ප්‍රේමරත්න මහතා පවසයි.