බස්නාහිර පළාතේ කොළඹ කලාපය සහ ආසන්න නගර ආශ්‍රිතව ඇති පාසල් සහ සෙසු පළාත්වල ප්‍රධාන නගරවල පිහිටි පාසල් හෙට(ජුනි 27) සිට ලබන 01 වැනිදා (ජුලි 01) දක්වා සතිය තුළ නොපැවැත්වීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. ඒ හෙට(27) සිට ලබන 03 වැනිදා දක්වා පාසල් පැවැත්විය යුතු ආකාරය සංශෝධනය කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කොට ඇති නිවේදනයක් මඟිනි.
පසු ගිය සතියේ ග්‍රාමීය පාසල් පැවැත් වූ ආකාරයටම2022 ජුනි 27 සිට ජූලි 01 දක්වා වන සතිය තුළ සිසුන්ට සහ ගුරුවරුන්ට ප්‍රවාහන අපහසුතාවයක් නොපවතින්නේ නම්, අඟහරුවාදා, බදාදා සහ බ්‍රහස්පතින්දා දිනයන්හි පාසල් පැවැත්වීමට කටයුතු කරන ලෙසත් එමෙන්ම ප්‍රවාහන අපහසුතා හේතුවෙන් මෙම දිනයන්හී පාසලට නොපැමිණෙන ගුරුවරුන් සඳහා පෞද්ගලික නිවාඩු ලෙස සටහන් නොකරන ලෙස .අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි.