අද පෞද්ගලික බස් නෑ

ඉන්ධන නොමැතිවීම හේතුවෙන් අද(28) පෞද්ගලික බස් රථ ධාවනය නොවන බව ලංකා පුද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සමස්ත ලංකා බස් හිමියන්ගේ සම්මේලනයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් යන මහත්වරු කියති.මීට පෙර ලංගම බස් ඩිපෝවලින් පෞද්ගලික බස් රථ සඳහා ඩීසල් නිකුත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටි අතර ලංගම සභාපති කිංස්ලි රණවක මහතා කටයුතු කළ ද කිසිදු ශක්‍යතා අධ්‍යයනයකින් තොරව කළ ඒ ප්‍රකාශය සහ ක්‍රියාව කිසිදු ප්‍රායෝගික වැදගත් කමක් නොමැති එකක් වූ බව ලංගම සේවකයෝ කියති.

කාලීන පුවත්