ඉන්ධන නොමැති කම නිසා රෝහල් රැසක ගිලන්රථ, ඖෂධ ප්‍රවාහන ලොරි රථ හා ජෙනරේටර් භාවිතය සීමා කිරීමට සිදුව ඇතැයි සෞඛ්‍ය ආරංචි මාර්ග සඳහන් කරයි. ගිලන්රථ සඳහා ඉන්ධන නොලැබුණහොත් අසාධ්‍ය තත්වයට පත්වන රෝගීන් කුඩා රෝහල්වල සිට පහසුකම් සහිත රෝහල්වලට රැගෙනඒමට නොහැකි වීමෙනුත්, ජෙනරේටර් සඳහා ඉන්ධන නොමැතිවී ශල්‍යාගාර හා දැඩි සත්කාර ඒකකවල කටයුතු ඇණ හිටියහොත් ඉදිරියේ දී ජීවිත හානි පවා සිදුවීමේ දැඩි අවදානමක් මතුවිය හැකි බව ද සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.