යල කන්නයේ බඩඉරිඟු ගොවීන්ටත් යූරියා

යල කන්නයේ බඩඉරිඟු ගොවීන්ටත් යූරියා මෙවර යල කන්නයේ වී වගා කරන ගොවීන්ට අමතරව බඩඉරිඟු වගා කරන ගොවීන්ට යූරියා පොහොර නිකුත් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාල නිලධාරින්ට උපදෙස් දී තිබේ. ඉන්දිය රජය මෙරටට යුරියා මෙට්‍රික් ටොන් හැටපන් දහස මෙම සතිය තුළ ශ්‍රි ලංකාවට ලැබිමට නියමිත ය.ඉන් මෙට්‍රික් ටොන් පනස් දහසක් වී වගාව සදහා වෙන් කෙරෙන අතර ටොන් දස දහසක් බඩඉරිඟු වගා ගොවීන්ට ලබාදීමට සැලසුම් කර ඇත.ඉකුත් මාස් කන්නයේ රජය ක්‍රියාත්මක කළ රසායනික පොහොර තහනම නිසා බඩ ඉරිඟු ගොවීන් විශාල පිරිසකට අපේක්ෂිත අස්වැන්න ලබා ගත නොහැකි විය.

Uncategorized කාලීන පුවත්