ඉන්දියාවෙන් සැපයෙන යුරීයා පොහොර මෙට්රික් ටොන් 65 දහසක පලමු තොගය රැගත් නැව මේ වනවිට ශ්රී ලංකාව බලා ගමන් ආරම්භ කර ඇති අතර එය ලබන සිකුරාදා රාත්රියේ මෙරටට ළගාවීමට නියමිත බව කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර ම්හතා කියයි. එම පොහොර කිලෝ පනහේ යුරීයා පොහොර මිටියක් රුපියල් දසදහසක සහන මිලකට ලබන සතියේ සිට ගොවීන්ට බෙදාහැරෙයි. මෙට්රික් ටොන් 65 දහසක සමස්ත පොහොර තොගයෙන් මෙට්රික් ටොන් 50 දහසක් වී ගොවීන්ටත් මෙට්රික් ටොන් දසදහසක් බඩඉරිගු වගාකරුවන්ටත් සපයන අතර මෙට්රික් ටොන් පන්දහසක් තේ වගාව සදහා සැපයීමට සැලසුම් කර ඇතැයි මහින්ද අමරවීර ඇමතිවරයා කියයි.හෙක්ටයාර් එකකට කිලෝග්රෑම් 100 ක් වනපරිදි එම පොහොර තොගය බෙදාහැරේ.