පොලිසියේ ඉල්ලීම අධිකරණය බැහැ කියයි

ජූලි 08 සහ 09 , කොටුව ජනාධිපති මන්දිරය පිහිටි ප්‍රදේශයට උද්ඝෝෂකයින්ට ඇතුළු වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි, පොලීසිය කළ ඉල්ලීමක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

උද්ඝෝෂණයේ යෙදී සිටින ජනයා ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරී යම් අපරාධයක් සිදු කළහොත් පොලිසියට ඇති බලතල මෙන්ම අපරාධ නඩු විධාන සංග්‍රහ පනත ප්‍රකාරව කටයුතු කරන ලෙසට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා මෙම උද්ඝෝෂණය සඳහා අධිකරණයේ කිසිදු මැදිහත්වීමක් අවශ්‍ය නොවන බවට නිගමනය කරමින් පොලීසිය කළ ඉල්ලීම එසේ ප්‍රතික්ෂේප කළේය.

කාලීන පුවත්