පොලිස්පති සී.ඩී. වික්රමරත්න මහතා විසින් ඊයේ(08)රාත්රී නවයට බස්නාහිර පළාතේ පොලිස් කොට්ඨාශ පහකට පැන වූ ඇඳිරි නීතිය අද පෙරවරු අටට ඉවත් කළ බව ඔහු විසින්ම නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ඔහුගේ එම ඇඳිරි නීති පැනවීම නීති විරෝධී බව ශ්රී ලංකා නීතිඥ සංගමය ඇතුළු පාර්ශව ගණනාවක් විසින් පෙන්වා දෙන ලදී.
මේ අතර අද දින අගනුවරට රැස් වන ජනතාවගේ ප්රවාහන පහසුව සඳහා මේ වන විටත් දුම්රිය සේවා යථා වත් කිරීමට කඩිනමි කටයුතු කරමින් සිටින බව දුම්රිය වෘත්තීය සමිති කියයි