කොළඹ චැතැම් වීදිය ඔස්සේ පා ගමනින් පැමිණි අරගල කරුවන් මිට සුළු මොහොතකට පෙර ජනාධිපති මන්දිරයට ඇතුල්ව ඇත.
විරෝධතාකරුවන් දහසකට අධික පිරිසක් මේ වන විට ජනාධිපති මන්දිරය තුල සිටින බවයි වාර්තා වන්නේ.
අරගල භූමිය ඇතුළු සෙසු ස්ථානවල රැඳී සිටින විරෝධතාකරුවන් මේ අවස්ථාවේදී කොටුව ජනාධිපති මන්දිරය වෙත ළඟා වෙමින් පවතී.