ඊයේ(09) රාත්‍රි විරෝධතා කරුවන් පිරිසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ කොල්ලුපිටිය, 05 වන පටුමගේ පිහිටි පාරම්පරික නිවසට කඩා වැදී ගිනි තබා ඇතැයි අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි.වික්‍රමසිංහ මහතාට පාරම්පරිකව උරුම වූ මෙම නිවස ඒ අයුරින්ම අභිරක්ෂණය කිරීමක් හැර කිසිදු නවීකරණයකට ලක් නොකොට තිබීම ද විශේෂත්වයකි.අතිශය දුර්ලභ පොත් පත් සහ කෞතුක භාණ්ඩ හා ගෘහ භාණ්ඩ වලින් පමණක් සමන්විත මෙම නිවස රනිල් සහ මෛත්‍රී වික්‍රමසිංහ යුවලගේ ඇවෑමෙන් පොදු ජනතා යහපත උදෙසා වන කටයුත්තක් උදෙසා පරිත්‍යාග කිරීමට සැලසුම් කොට තිබූ බව ද පැවසෙයි ඊයේ රාත්‍රියේ එම නිවස ඉදිරිපිට විරෝධතාවක් පිළිබඳව මාධ්‍ය ආවරණයකට ගිය එක් මාධ්‍ය ආයතනයක සිව් දෙනකු එම නිවසේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් විශේෂ කාර්ය බලකා සාමාජිකයන් පිරිසක් හා බහින් බස් වීමකින් පසුව විශේෂ කාර්ය බලකා සාමාජිකයන් පහර කෑමට ලක් වූහ.මෙම පහර දීම රනිල් වික්‍රමසිංහ මහතා ගේ සැලසුමකට අනුව සිදු වූවක් ලෙස ප්‍රචාරය වීම මෙම ගිනි තැබීමට ආසන්නම හේතුව ලෙස සැලකෙයි. නමුත් එම මාධ්‍යවේදීන්ට ආරක්ෂක නිලධාරීන් විසින් පහරදීම සම්බන්ධයෙන් බලවත් කණගාටුව ප්‍රකාශ කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම සිද්ධිය සැල වූ වහාම ප්‍රකාශ කොට තිබිණ.මෙම ගිනි තැබීම සිදු කොට ඇත්තේ ඉන් පසුවය.