මහින්ද බැසිල් ඇතුළු පිරිසකගේ විදෙස් ගමන් තහනම් කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් හිටපු අගමැති මහින්ද රාජපක්ෂ හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ සහ හිටපු මහබැංකු අධිපතිවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල්. මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂමන් ඇතුළු පිරිසකගේ විදේශ ගමන් තහනම් කිරිීමේ නියෝගයන් නිකුත්කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෝසමක් ගොනු කොට තිබේ. වත්මන් ආර්ථික අර්බුදයට වගකිවයුතු පුද්ගලයන්ට එරෙහිව විමර්ශනයක් පවත්වන්නැයි නියෝග කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා වානිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න ඇතුඑ පිරිසක් ගොනුකල මුලික අයිතිවාසිකම් පෙත්සමට අදාලව මෙම මෝසම ඉදිරිපත්කර තිබේ. ඒ අනුව අදාල පෙත්සම ලබන 27 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවීමට නියමිතයි.මෙම සිව්දෙනාට අමතරව මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් එස් ආර් ආටිගල යන අයට අධිකරණයේ අවසරයකින් තොරව විදේශගතවීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා තිබේ.මෙම නඩුකරයේ ඇතැයි වග උත්තර කරුවන් රටින් පලායාමේ සුදානාමක් ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පෙත්සම ගොනුකළ අය පෙන්වා දෙති.