නීතියේ ආධිපත්‍යය සහ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අඩපණ කරන ප්‍රකාශ නීතිඥ සංගමය හෙලා දකී

මෙරට නීතියේ ආධිපත්‍යය සහ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථානුකූල භාවය අඩපණ කරන බවට හැඟවෙන ඇතැම් ප්‍රකාශ විරෝධතා කණ්ඩායම් වල කොටස්කරුවන් විසින් සිදුකරන ප්‍රකාශයන් පිළිබඳව තම සංවිධානය අවධානය යොමු කොට ඇතැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි.නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. ඔවුන් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව පාලනය වන රාමුව වන ආණ්ඩුකම ව්‍යවස්ථාව නොසලකා හැරීම රටට හෝ ජනතාවට හිතකර නොවන බවයි.එනිසා නීතියේ ආධිපත්‍ය ගරු කිරීම එහි ප්‍රජාවගෙන් ජීවිතයට අත්‍යවශ්‍ය බව එම නිවේදනයේ දැක්වේ.මේ අතර ඇතැම් පාර්ශව විසින් මේ වන විට අත්පත් කරගෙන ඇති පරිශ්‍ර වලින් ඉවත්ව ඒවා අදාල ආයතන වෙත භාර දෙන්නැයි ශ්‍රී ලංකා නීතීඥ සංගමය එම පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටියි. එම සංගමය පවසන්නේ සාමාකාමී බල හුවමාරුවක් සඳහා දේශපාලන නායකයින්ට ඉඩ ලබා දිය යුතු බවයි.

කාලීන පුවත්