ජනාධිපති ධූරයට රනිල් වික්‍රමසිංහ මහතා පත්කරගැනීම මහජන මතයට විරුද්ධ බවත්, ඔහු ධූරයෙන් ඉවත් වන තුරුම අරගලය අඛණ්ඩව ඉදිරියට ගෙන යන බවත් අරගලකරුවන් විසින් ලබාදුන් ක්‍රියාකාරී සැලැස්මට පිටින් ගියොත් ඉදිරි සති දෙක තුන තුළ ආණ්ඩුවට වන දේ බලාගත හැකි බවත් ගාලු මුවදොර අරගලකරුවන් නියෝජනය කරමින් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු, වසන්ත මුදලිගේ මහතා පැවසීය.රටේ ජනතාව විසින් පරාජය කර ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණි රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස පිළිගැනීමට නොහැකි බව ඔහු පැවසුවේ ගාලුමුවදොර ගෝඨාගෝගම අරගලභූමියේ දී ඊයේ(20) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.අරගලකරුවන් නියෝජනය කරමින් ටැම්පිටියේ සුගතානන්ද හිමි, ජීවන්ත පීරිස් පියතුමා, නීතීඥ නුවන් බෝපගේ, ළහිරු වීරසේකර, රංගන ශිල්පී ජගත් මනුවර්ණ, දුමිඳු හෙට්ටිආරච්චි ඇතුළු පිරිසක් ද මෙම මාධ්‍ය හමුවට සහභාගී වූහ.