ගාලු මුවදොර සිදුවීම ගැන ඇමරිකානු තානාපතිනියගේ කනස්සල්ල

ඊයේ(21)මධ්‍යම රාත්‍රියේ ගාලු මුවදොර විරෝධතාකරුවන්ට එරෙහිව ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තමන් දැඩි කනස්සල්ලට පත්ව සිටින බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජුලී චුන්ග් මහත්මිය තමනිල ට්විටර් සටහනක් මඟින් කියයි.ඉන් ඇය කියා සිටියේ බලධාරීන් විසින් සංයමයෙන් කටයුතු කරන ලෙසත් තුවාල ලැබූවන් සඳහා වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන ලෙසත් එක්සත් ජනපදය ඉල්ලා සිටින බවයි.ජනාධිපති ලේකම් කාර්යාලය අසළ ගාලුමුවදොර විරෝධතාව පැවැත්වෙන ස්ථානයේ විරෝධතාකරුවන් ඉවත් කිරීමට පොලිසිය සහ භට පිරිස් ක්‍රියාත්මක වීමත් සමඟ එම ස්ථානයේ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති විය

කාලීන පුවත්