මෝදි රනිල් ට “පමා” වී එවූ සුබ පැතුම ඉන්දීය මාධ්‍ය දුටු හැටි

රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 21 දා ශ්‍රී ලංකාවේ අට වැනි විධායක ජනාධිපති වරයා ලෙස දිවුරුම් දී පැය විසි හතරක් ඉක්ම යාමටත් පෙර එතෙක් ජනාධිපති කාර්යාල පරිශ්‍රය බලහත්කාරයෙන් අතපත් කරගෙන සිටි අරගල කරුවන් ඉවත් කිරීමේ මෙහෙයුමක් පසුදා අලුයම් යාමයේ ආරක්ෂක අංශ විසින් දියත් කරන ලදී.ඒ තමන්ට එම භූමියෙන් ඉවත් වන ලෙස ලැබුණු අධිකරණ නියෝගයක් සහ පොලිස් නිවේදන තුනක් නොතකා ඔවුන් තව දුරටත් එම පරිශ්‍රයේ “කල් මරමින්” සිටි පසුබිමක ය.එහි දී ආරක්ෂක අංශ දුන් නියෝගයන්ට පටහැනිව ඔවුන් හා ගැටුම් ඇති කර ගැනීමට ගිය නව දෙනකු බරපතල නොවූ තැලීම් තත්වයන් මත රෝහල් ගත කෙරුණු අතර ඔවුන් සියළු දෙනාම සුවය ලබා පසුදාම ඉන් නිදහස් කරන ලදී.

එහෙත් එම සිදුවීම ගාලු මුවදොර රැඳී සිටි සාමකාමී සිවිල් අරගල කරුවන්ට ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ එල්ල කළ බරපතල ප්‍රහාරයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරන ලද්දේ ගාලු මුවදොර ගෝඨාගෝගම නිදහස් අරගල කලාපයට ආරක්ෂක අංශ අත වත් තබා නොමැති පසුබිමක ය.එමෙන්ම ඉහත සඳහන් මෙහෙයුම පිළිබඳ වැරදි වැටහීම් සහිත තානාපති වරුන් කිහිප දෙනකු හා ජාත්‍යන්තර සංවිධාන කිහිපයක් ද එම සිදුවීම සම්බන්ධ වැරදි අර්ථ නිරූපණ ඉදිරිපත් කරන අතරේ ලෝක දේශපාලන බලවතෙකු ද වන අපගේ සමීපතම අසල් වැසියා ද වන ඉන්දියාව එම සිද්ධිය පිළිබඳ ස්වාධීන අධ්‍යයනයක යෙදී තිබිණ.

එහෙත්,එම සිදුවීම තුළ ශ්‍රී ලංකාව තුළ බලපවත්නා නීතිය ක්‍රියාත්මක වීම මිස කිසිදු පාර්ශවයකට කුමන හෝ අගතියක් සිදු වී නොමැති බව පසුව සැක හැර දැන ගත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරසිම්හ මෝදි මහතා දින කිහිපයක් ප්‍රමාද වී හෝ තම සුමිතුරු අසල් වැසි රාජ්‍ය නායකයාට සුබ පතන්නට අමතක කොට තිබුණේ නැත.එමෙන්ම එහි විශේෂත්වය වනුයේ ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ජන මාධ්‍ය පළ කළ උනන්දුවටත් වැඩි උනන්දුවක් ඉන්දීය ජන් මාධ්‍ය විසින් පළ කොට තිබීමය.ඒ සම්බන්ධ කෙටි නිදසුන් කිහිපයකි මේ,

https://www.hindustantimes.com

1-hindustan-times

https://www.thehindu.com

https://www.ndtv.com

https://www.cnbctv18.com

https://www.devdiscourse.com

එතෙර - මෙතෙර