රංජන් ගේ නිදහස පමා කෙරෙන කතා බොරු!

රංජන් රාමනායක මහතාට නිදහස ලබාදීම සම්බන්ධයෙන් ප්‍රමාදයක් සිදුවන බවට පැතිර යන තොරතුරු වල කිසිදු සත්‍යතාවයක් නොමැති බව රජයේ පාර්ශවය කියයි.ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරනුයේ ඒ සඳහා වන ලිපි ලේඛන සියල්ල මේ වන විට සකසා අවසන් කර ඇති බවකි.එමෙන්ම ඒ සඳහා වන ලිපි ගොනුවට නීතිපතිවරයාගේ තවත් එක් නිර්දේශයක් පමණ අවශ්‍යව තිබෙන බව පවසන හරීන් ප්‍රනාන්දු මහතා එය ලැබුණු සැනින් ජනාධිපතිවරයා රංජන් රාමනායක මහතා නිදහස් කිරීමේ ලිපියට අත්සන් කරනු ඇතැයි කියයි.

කාලීන පුවත්