ගොවීන් රුපියල් හැට පහක් ඉල්ලන නාඩු වී කිලෝවට ආණ්ඩුවෙන් පනස් හයයි සත පනහක්

දැනට පවත්නා තත්වය යටතේ නාඩු වී කිලෝවක් රුපියල් හැට පහටත්,සම්බා වී කිලෝවක් රුපියල් හැත්තෑවටත් කීරි සම්බා වී කිලෝවක් රුපියල් අනූවටත් අලෙවි නොකළ හොත් ගොවීන් හට පැවැත්මක් නැතැයි ඇලහැර සුරැකීමේ සංවිධානයේ සංවිධායක ජී.එම් ජයවර්ධන මහතා කියයි.ඒ අද පැවැති මාධ්‍ය හමුවක දීය.ඒ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිය බෙදුම ශාඛාවේ සභාපති වරයා ද වෙයි.මේ අතර නාඩු වී කිලෝවක් සදහා රුපියල් 56 යි ශත 50 ක් ගෙවීමට තීරණය කර ඇතැයි වී අලෙවි මණ්ඩලයේ නියෝජ්‍ය සභාපති දුමින්ද ප්‍රියදර්ශන මහතා සඳහන් කරයි. රටේ සමස්ත නිෂ්පාදනයෙන් සියයට 80 ක් නාඩු වී වන අතර ලියාපදිංචි නොකළ වී මෝල් හිමියන් සතුව තිබී පාරිභෝගික අධිකාරිය භාරයට ගැනුණු වී කිලෝ ලක්ෂ 20 ක් දැනටමත් වී අලෙවි මණ්ඩලයට භාරදී තිබේ.වත්මන් ක්‍රියාවලිය සිදු වන්නේ ඉහළින් ගන්නා අනුවණ තීරණ මත බවත් ඒ සඳහා තමන්ට එකඟ විය නොහැකි බව පවසමින් වී අලෙවි මණ්ඩලයේ සභාපති ආචාර්ය ජේ මාන්නප්පෙරුම මහතා ද ඉල්ලා අස් වී තිබේ.

කාලීන පුවත්