හිටපු බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අනුරාධපුර බන්ධනාගාරයට ගොස් එහි රඳවා සිටින සිරකරුවන් දණගස්වා මරණීය තර්ජන එල්ල කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙනම් විමර්ශනයක් ආරම්භ කර තිබේ.එම සිද්ධිය සම්බන්ධයෙන් ජනමාධ්‍ය කළ වාර්තාකිරීම් සැලකිල්ලට ගෙන පැමිණිල්ලකින් තොරව කොමිසම විමර්ශන ඇරැඹූ බව එහි ආරංචිමාර්ග කියයි.
ඒ අනුව මානව හිමිකම් කොමිෂන් සභාවේ අනුරාධපුර කාර්යාලයේ නිලධාරීන් තිදෙනකු විමර්ශන සඳහා ඊයේ (15) අනුරාධපුර බන්ධනාගාරයට ගොස් තිබේ.ඒ අනුව ඉදිරියේදී මීට අදාල සියලු පාර්ශ්ව කොමිසම හමුවට කැඳවා පූර්ණ විමර්ශනයක් සිදු කිරීමට නියමිත බවද කොමිසම පවසයි.මරණීය තර්ජනය යනු අදාල චූදිතයාට එරෙහිව නඩු පැවරිය හැකි සාපරාධී ගණයේ වරදකි.