කලාවැව රක්ෂිතය ආශ්රිතව ජීවත් වූ භරණ හස්තියාගේ ඝාතනය සම්බන්ධයෙන් ගල්කිරියාගම වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා ඊයේ(31) පස්වරුවේ කැකිරාව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද සැකකරුවන් තිදෙනා එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හැරීමට වැඩ බලන මහේස්ත්රාත් උදිත ප්රියංග බී. ඒකනායක මහතා නියම කොට ඇත.ඊට අමතරව සිද්ධියේ ප්රධාන සැකකාර පොලිස් නිලධාරියාට සිතාසි නිකුත් කිරීමට ද අධිකරණය නියෝග කොට තිබේ.