ශ්‍රී රූප දේව කවීන්ද්‍ර යන අභිධාන නාමයෙන් පිදුම් ලද ආනන්ද රාජකරුණා මහා කිවිඳාණන්(1885-1957) ළමා කාව්‍යකරණය කෙරෙහි සුවිශේෂ ඇල්මක් සහ ප්‍රතිභාවක් දැක්වූ කවීන්ද්‍රයෙකි.ගීතානන්ද, ඩෙත්හැම් වරුණ, ආනන්ද රචනා, ළදරු ගී, ළමා උයන, කව්රස අඳුන, සිංහල දරු නැළවිල්ල, රුක්මාවතී කතාව, ආනන්ද ගී, ආනන්ද චම්පු, නමෝ තේ මාතා, කැලණි නෙත, ලංකාඩම්බරය, රජසිරිත් මාලය, උද්‍යානය, සිංහල කොඩිය, කව්රස බඳුන, ළදරු කව් මඟ, ජාතික මඟුල් පඬුර, ජාතික බයිලා සින්දු හා සම්බුද්ධායනය මීට නිදසුන් ය.
මේ කාව්‍ය සමුච්චයට ළදරු ගී පොත් 7ක්, ළමා කවි පොත් 7ක්, ළඳරු කවිමඟ පොත් 7ක් ඇතුළත් ය.ඒ අතරට අයත් “ළදරු කව් මී”තෙවන ප්‍රමාණය පද්‍ය සංග්‍රහයේ එන මෙම “බල්ලෙකුගේ ගුණය”නම් කාව්‍ය නිර්මාණය එකල සමාජයේ ප්‍රචලිත වූ සත්‍ය සිදුවීමක් පාදක කොට ප්‍රබන්ධය වූවක් සේ සැලකේ.තොටියකු වූ තම හාම්පුතා කිඹුලකුගේ මරු කටින් බේරා ගැනීම පිණිස තම ජීවිතය පූජා කළ මීට දශක කිහිපයකට පෙර අප රටේ ජීවත් වූ ඒ “බෝධිසත්ව ගුණෝපේත “සුනඛයාට උපහාර පිණිස හා ඒ උතුම් සුනඛ ගුණය නූතන පරපුරටත් හඳුන්වා දෙනු පිණිස අපි මෙම පද්‍ය රචනය ඔබ වෙත ඉදිරිපත් කරමු.
බල්ලෙකුගේ ගුණය
1:ගස් වැල් අතු පත ර
සිහිල් සෙවනැති මනහ ර
ගං බඩෙක පිටිස ර
පැලෙක තොටියෙක් විසුයෙ ය පෙ ර
2:මේ තොටියාට වෙ ර
බල යුතු තරුණ කඩිස ර
බල්ලෙක් වී නිතො ර
රැකවළට සිටි කුඩා පැල් දො ර
3:අඟුල් බරට ම ග ම්
වැසි දන රැස් වූ විට ය ම්
තොටියා එහි කර ම්
බලා සහිත ව සිහි පරිස්ස ම්
4:ඔවුන් ගඟිනෙතර ට
මෙ තෙරට කෙරේ විට වි ට
බල්ලා සිය නඟු ට
වන වනා බුර බුරා ගොඩ සි ට
5:තොටිහුට අදර බැ ති
දක්ව දක්වා නොනැව ති
රැක පැල් දොර ද රු ති
තෙමේ කාලය ගත කෙරේ ති ති
6:පත් විඩා වෙහෙ සා
දහවල බතට නොල සා
ගොඩට එන මිනි සා
දකින කිසිවක් පවස පව සා
7:සිප ගන්නෙකු සෙ පැ න
පැන බුර බුරා සතුටි න
විස්වාස බැති ගු න
දක්ව දක්වා නඟුට වනමි න
8:ඔහු නැටුව ම එ පැ ල්
දොරට ගොස් හිඳ මද ක ල්
හේ දිය නහනු ලො ල්
වේ ද ඒ සඳහාත් රැකව ල්
9:සලසා සිට ඉව ර
වුණු පසු පැමිණ පැල් දො ර
ඔහු බත් ඉතුරු ක ර
තමාහට දෙන තුරා හිදි බ ර
10:තොටියා දිනෙක ත ට
පුරුදු සිරිතට අනු ව ට
ගොඩ බැස වහ වහ ට
පැලට ගොස් රැගෙන දිය කෝන ට
11:එකෙකු මෙන් ඕහ ම
පෙනි පෙනී ලැග හිඳින ම
පුරුදු විය මෙ ලෙස ම
ඔවුන් විස්වාසය දියුණු වී ම
12:හැරෙමින් ගං තොට ට
යන්ට වනි දිය නහන ට
බල්ලා ද එය දු ට
ඔහුට ඉඩ නොදෙනුයේ මඟ සි ට
13:බුර බුරා රද මින්
රෙදි පටෙන් ඔහු අදි මින්
වළකමින් පනි මින්
යමක් හගවා දුව ඇවිදි මින්
14:දැක්වූයෙ ය අමු තු
ගතියක් කිමෙක් දැ යි ත තු
නොවිමසා දැනමු තු
නුවණ නැති මුත් සත්ති බල යු තු
15:තොටියා ඉදිරිය ට
යන්ට වනි එය දැක සි ට
වළකනු නොහැකි වි ට
බල්ලා ද බල බලා වට පි ට
16:පළමු ව ගඟ දිය ට
:පැන්නෙ ය අසල රැක සි ට
රුදුරු කිඹුලෙක් ක ට
භයා මතු වී දිය දෙබෑ කො ට
17:ඌ අල්වා ම රා
ඩැහැ ගෙන ගියෙ ය නොහැ රා
බලා හද දෙද රා
වැලපි වැලපි එ තොටි මිතු රා
18:ගළවන්ට මගෙ දිවි
බල්ලා පිදි උගෙ දිවි
වැඩි වැඩ ව ම ලැ දිවි
උගේ ගුණය ම පැවසි නොම දිවි
ආනන්ද රාජකරුණා
(“ළදරු කව් මී” තෙ වන ප්‍රමාණය )