පසුගිය දිනවල මෙරට ඇති වූ කලබලකාරී වාතාවරණය වැඩිවීමට නීතීඥ සංගමයේ හැසිරීම යම් ප්‍රමාණයකට හේතු සාධක වූ බව සඳහන් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සාමාජික නීතිඥවරු පිරිසක් කොළඹ පිහිටි නීතිඥ සංගමය ප්‍රධාන කාර්යාලයට ගොස් ලිපියක් භාරදී ඇත.යම් අපරාධ චූදිතයන් අධිකරණය ඉදිරියට පැමිණි පසු ඇතැම් නීතිඥයන් අත්පුඩි ගසා ඔවුන් පිළිගැනීම නීතිඥ ආචාර ධර්ම වලට පටහැනි බවත් ඔවුන් සම්බන්ධයෙන් සුදුසු ක්‍රියා මාර්ග ගන්නා ලෙසත් එම ලිපියෙන් යෝජනා කර ඇත.එහෙත්,නීතිඥ සංගමය ලෙස එම කිසිම චූදිතයෙකු වෙනුවෙන් පෙනී නොසිටි බවත් නීතිඥ සංගම් සභාපති සාලිය පීරිස් මහතා චූදිතයන් වෙනුවෙන් පෙනී සිටියේ ජනාධිපති නීතිඥයකු ලෙස පමණක් බවත් එහිදී නීතීඥ සංගමය සඳහන් කළ බවත් එම නීතීඥ පිරිස මාධ්‍ය වෙත කියා සිටියහ.