දරුවන් හදා ගැනීමට ඉල්ලා දේශීය ඉල්ලුම්කරුවන් පන්දහසක් (5000) පොරොත්තු ලේඛනවල සිටින බව පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ පරිවාස නිලධාරිනි, නිර්මලී පෙරේරා සඳහන් කළේ වසර පහකට වැඩි කාලයක සිට මෙම පිරිස පොරොත්තු ලේඛනවල සිටින බවය.
මේ වන විට ලැබෙන ඉල්ලීම්වලට දරුවන් ලබාදීමට නොහැකි බවද පවසයි.