සර්ව පාක්ෂික ආණ්ඩු යෝජනා සියළු පක්ෂ වලට ලබා දීම හෙට

සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා දේශපාලන පක්ෂ සමඟ දින ගණනාවක් සිදු කළ සාකච්ඡාවල දී ඒ ඒ පක්ෂ ඉදිරිපත් කළ යෝජනා සහභාගී වු සියලු පක්ෂවලට හෙට(08) ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියයි. සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්වාධීන පක්ෂ 11 ක නායකයන් හා 43 වන සේනාංකය සමග පසුගියදා පැවති සාකච්ඡාවක දී ජනාධිපති වරයා ඒ බව සඳහන් කළේය. ජනතා අපේක්ෂාවන් සපුරාලීම වෙනුවෙන් දේශපාලන මතවාද පසෙකලා සර්ව පාක්ෂික ආණ්ඩුවකට සැමගේ ඇති උද්‍යෝගය ජනාධිපති වරයාගේ ඇගයිීමට ලක් විය.ජනතා විමුක්ති පෙරමුණ, ජාතික ජන බලවේගය හා තවත් දෙමළ දේශපාලන පක්ෂ කිහිපයක් පමණක් තවමත් ඒ සඳහා එකඟ වී නැත.

කාලීන පුවත්