බූස්ස, අගුණකොළපැළැස්ස සහ කළුතර යන බන්ධනාගාරවල හැර වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයේ හෝ අනුරාධපුර බන්ධනාගාරයේ සී සී ටී වී කැමරා පද්ධති සවිකර නැතැයි බන්ධනාගාර මූලස්ථානය පවසයි.ඒ අනුව, බන්ධනාගාර හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා විසින් සිදුකරනු ලැබූ බව කියන සිද්ධියට අදාළව විමර්ශනයේදී සී සී ටී වී දර්ශන උපයෝගී කර ගත නොහැකි වන බව බන්ධනාගාර නිලධාරීහු සදහන් කරති.එහෙත්,වැලිකඩ සහ අනුරාධපුර සිද්ධීන් සම්බන්ධ විමර්ශන වල දී සීසී ටීවී දර්ශන උපයෝගී කර ගත නොහැකි දැයි අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා ගෙන් මාධ්‍යවේදියකු ප්‍රශ්න කළ විට ඔහු කියා සිටියේ අවශ්‍ය නම් එසේ ද කළ හැකි බවකි.