රන්ජන්ට හෙට නිදහස?

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරු වී සිර දඬුවම් ලබන රන්ජන් රාමනායක මහතා හෙට (26) හෝ ලබන සඳුදා (29) දිනයේ දී නිදහස ලබන බවට තමන්ට දැඩි සේ විශ්වාස බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් එක් කරමින් කියයි.එම ෆේස් බුක් සටහන මෙලෙසිනි.”මා හිතවත් දේශපාලන සගයා රන්ජන් අයියා හෙට (26) හෝ සදුදා (29) නිදහස ලබන බව මට දැඩිසේ විශ්වාසයි.මගේ සහ මනූෂ ගේ ඉල්ලීම ඉටුකල ජනපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සහ සුව්ශේෂී මෙහෙවරක් ඉටුකල අධිකරණ අමාත්‍ය ව්ජේදාස රාජපක්ෂ මැතිතුමා ඇතුළු සහය දුන් සැමට ස්තුතියි !”මේ අතර රන්ජන් රාමනායක මහතා පිළිගැනීම පිණිස ඔහුගේ රසිකයන් දේශපාලන පාක්ෂිකයන් සහ හිතමිත්‍රාදීන් උත්සව සංවිධානය කොට ඇති බව ද වාර්තා වෙයි.ඒ අතර රන්ජන් රාමනායක මහතාගේ සමීප හිතවතුන් පවසනුයේ මෙවර බන්ධනාගාරයෙන් නිදහස ලැබීමෙන් පසු ඔහුගේ දේශපාලන ගමන් මඟ තවත් සවිමත් හා ස්ථාවර විය හැකි බවකි.

කාලීන පුවත්