අද ‘Wall එක අපේ කාලයේ කැටපත් පවුර සැරසෙනුයේ නව පරපුරේ ප්රබුද්ධ කව්යකු වන ගිහාන් සචින්ත 2018 වසරේ ලියා පළ කරන ලද’නාසිවාදිනියකගේ ප්‍රේමය ‘පද්‍ය සංග්‍රහයේ එන එනමින් යුතු කවි පන්තියෙනි.මෙම කෘතිය රාජගිරියේ ග්‍රැෆිකෙයා ප්රකාශනයකි.
නාසිවාදිනියකගේ ප්‍රේමය
ඔබ එවූ ලියුම් කඩදහිය තුළ
රුහිරු දිය ඉහිරී තිබුණා
කැබලි වුණු ප්‍රේම කවි
අවසාන හුස්මත් හෙළුවා.
මිත්‍යාව උඩුදුවපු
ඔජස් ගැලු පෙම් හැඟුම්
ඉතින් තව මොකට
ක්රොම්ලවර් උයනේ යක්ෂ පාලම
නදී දිය රැළි ගලන’යුරු මග බලා උන්නා
ඔබ අයිති ඒ ලොවට
මම…?
ස්වස්තිකය හිස දරාගත්
ඒකාධිපති ප්‍රේමයක නිර්මාණකාරිය යි ඔබ
ප්‍රේමයේ නාමයෙන් යුද බත්ව ගිය
අළු දූලි ගින්දර ය
සංග්රාම ලෝකයක
උත්කෘෂ්ට ප්‍රේමයක් වෙනුවෙන් මරාගත යුතුද?
අප එකිනෙකා
නාසිවාදී සිතුම් පොදි පිරුණු
නාසියස් ගැහැනිය
මමංකාරයේ පිළිබිඹුව
ලුහුබඳින
විභූතියෙන් පිරි මාලිගෙයක
මම ගඩොලකි
ඔබ?
ප්‍රේමයට අනුව ඔබෙ
ගඩොල් පිළිබඳ කවර අන්ඳර
තුවක්කුව මටම මානන
උණ්ඩමය තෙපුල් පොදි
හදවතට වෙඩි තිබ්බ
ඔබේ ඔය කගපතින්
ගෙල සිඳූ
මම වෙමිය කවන්ධය
තෙලඹුවැල් කපන ඔය සිතුවිල්ල තුළ
මාතෘත්වය කොහිද?
සකල සිතුවිලි සමූලඝාතනය කළ
ප්‍රේමයක යම් දිනෙක
සෙව්වන්දියක් විකසිතවේ ද?
මා එවූ පෙම් හසුන් ගිනි තබා හබස්කර
අනාගතයට වැට බැන්ද අනාගතවාදී ගැහැනිය
රකුසු නෙත් ඇති ඔබ
මාරි නෙට්ටිට වේය පර්යාය
රුවින් අග තැම්පත් නෙපටිටිට සම
ඔබේ මුවගින් වෛරය ම පතුරවන.
ගිහාන් සචින්ත