පසුගිය දා කිසියම් පිරිසක් ගිනි තබා විනාශ කළ සිංහරාජ රක්ෂිතයට මායිම්ව සූරියකන්ද ගොන්ගල ප්‍රදේශයේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ මහතාට අයත් බව පැවසෙන හෝටලයේ අයිතිය පිළිබඳ පරීක්ෂණයක් සිදු කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් ගොනු කළ බව සර්වපාක්ෂික අරගලකරුවෝ පවසති.එය අයත් වන්නේ කිසිදා රැකියාවක් නොකළ රෝහිත රාජපක්ෂට නම් ඔහු එය ගොඩනැඟුවේ කාගේ මුදලින් දැයි සොයා බැලිය යුතු බව ද ඔවුහු කියා සිටිති.නමුත් එම හෝටලයේ හිමිකාරත්වයක් තමන්ට හිමි බවත් අදාල හෝටලය ඉදිකර ඇත්තේ සියලුම නීතිමය අවශ්‍යතා සපුරාලීමෙන් පසු බවත් රෝහිත රාජපක්ෂ මහතා තමන්ට එවැනි ආයෝජනයක් සඳහා එතරම් විශාල ධනස්කන්ධයක් හිමි වීම පිළිබඳව ඒ මහතා කරුණු පැහැදිලි කිරීමක් කොට නැත.