අද(03) කටුනායක ගුවන් තොටුපළින් මෙරටට පැමිණීමට නියමිතව ඇති හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එල්ටීටීඊ යුද ජයග්‍රහණයේ වීරයා ලෙස හඳුන්වා දෙමින් ඔහුගේ අතිශය අසාර්ථක පාලන සමය තුළ රට මුහුණ පෑ දරුණු ආර්ථික පරිහානිය සහ ඔහු තනතුර අතහැර විදෙස් රටකට පලා යාම නිසා ඇති වූ අපකීර්තිය මකා දැමීමට ශ්‍රී ලංකා පොදු පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමක් සූදානම් වන බව වාර්තා වෙයි.ඒ අතර ඔහු පිළිගැනීම සඳහා මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් ගුවන් තොටුපලට යනු ඇති බව ද වාර්තා වල දැක්වේ.එනිසා ගුවන්තොටුපල හා ඒ ආසන්න ප්‍රදේශවල මේවන විටත් විශේෂ ආරක්ෂාවක් යොදා ඇත.හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් කොළඹ පිහිටි නිල නිවසක් මේ වන විට රජය විසින් සූදානම් කර ඇති බව ද සඳහන් ය.ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවට යුද ජයග්‍රහණය ලබා දුන් පුවත කෙසේ වෙතත් 2019 ඔක්තෝබර් 15 වන දාකොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ පැවැති මාධ්‍ය හමුවක දී ඉන්දියාවේ පළ වන “ද හින්දු” පුවත් පතේ මාධ්‍යවේදිනී මීරා ශ්‍රී නිවාසන් යොමු කළ පැනයකට පිළිතුරු දුන් එවක ආරක්ෂක ලේකම් ව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතා සිනාසෙමින් කීයේ”ඔබට වැරදිලා යුද්ධයට නායකත්වය දුන්නේ එවක යුද හමුදා පති වරයා මිස මා වත් මගේ සොයුරාවත් නොවේ” යනුවෙනි.එමෙන්ම තම ධුර කාලය තුළ තනතුර අත් හළ ජනාධිපති වරයකුට හිටපු ජනාධිපති වරයකුට හිමි වරප්‍රසාද හිමි වීම ව්‍යවස්ථාවට පටහැනි බවට ද මත ඉදිරිපත් වී තිබේ.ඒ අතර ගෝඨාභය රාජපක්ෂ මහතාට අහිමි වූ ජනතා ප්‍රසාදය හිමි කර දිය යුත්තේ ජනතාවට නපුරක් නොකොට බලය අතහැර දැමූ සිරිසඟ බෝ රජතුමා වැනි බෝසත් පාලකයකු ලෙස මිස යුද වීරයකු ලෙස නොවන බව ශ්‍රී ලංකා පොදු පෙරමුණේම මන්ත්‍රී කණ්ඩායමක් මත පළ කොට ඇති බව ද සඳහන් ය.