මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව දින 40 කට පසුව සියයේ සීමාවෙන් පහතට පැමිණ ඇති අතර සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා ඊයේ(18) කොරෝනා මරණ 84 ක් බව තහවුරු කළේය ඊයේ වාර්තා වු මරණ අතර කාන්තාවෝ 33 දෙනෙක් හා පිරිමි පුද්ගලයෝ 51 දෙනෙක් වෙති. වයස අවුරුදු 60 ට ඊට වැඩි මරණ සංඛ්‍යාව 58 කි. වයස අවුරුදු 30 ත් 59 ත් අතර මරණ 23 ක් වාර්තා වී තිබේ. වයස අවුරුදු 30ට අඩු මරණ සංඛ්‍යාව 03 කි.මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 502758 දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ ආසාදිතයෝ 1986 දෙනෙක් හදුනාගනු ලැබුහ.