මනෝ විද්‍යා සොරුන්ගෙන් ජනතාව මුදා ගැනීමට ශ්‍රී ලංකා මනෝ වෛද්‍ය විද්‍යා ආයතනයේ වෙබ් අඩවිය යාවත් කාලීන වෙයි  

rubi

අනේක විධ ගුප්ත විශ්වාස මුල්කොට යථාර්ථවාදී නොවන ක්‍රම ඔස්සේ මිනිසුන් ගේ ලෙඩ රෝග දුරු කරන බව පවසමින් අසරණ මහජනතාව මුලා කොට ඔවුන් ඉතා සාහසික ලෙස ගසා කන අනේක විධ පුද්ගලයන් සහ මනෝ වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රය නියෝජනය කරන බව අඟවමින් මාධ්‍ය මගින් දුර්මත වපුරමින් ජනතාව මුලාකරන බාහිර පුද්ගලයන් වෙතින් සමාජයට සිදුවන හානිය පිටු දැකීම පිණිස ශ්‍රී ලංකා මනෝ වෛද්‍ය විද්‍යා ආයතනය slcpsych.lk වෙබ් අඩවිය මානසික සෞඛ්‍ය පිළිබඳ ජනතාව දැනුවත් කරන තොරතුරු ජාලය තව දුරටත් පුළුල් හා යාවත්කාලීන කොට තිබේ.

වර්තමාන සමාජය සේම අනාගත පරපුර ද සාම්ප්‍රදායික චින්තනයන් ඔස්සේ තව දුරටත් ඉහත සඳහන් ආකාරයේ මුලාවීම් වලට නතු වීම සෞඛ්‍යය පිළිබඳ වඩාත් නිවැරදි විද්‍යාත්මක දැනුමක් ලබා දීම මෙම වෙබ් අඩවිය මගින් සිදු කෙරෙන බව ශ්‍රී ලංකා මනෝ වෛද්‍ය විද්‍යායතනයේ මහජන සම්බන්ධතා නිලධාරී විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා පවසයි.

කාලීන පුවත්