23 වන වරටත් පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ තුන්වන දිනය අදයි. ඉකුත් දින දෙකට සාපේක්ෂව අද දිනයේ වැඩි පිරිසක් මෙම ප්‍රදර්ශනය නැරඹීම සදහා පැමිණ ඇත.
මේ මස 25 වැනිදා තෙක් දිනපතා පෙරවරු 9.00 සිට රාත්‍රී 7.00 දක්වා විවෘතව පවතින බව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සභාපති සමන්ත ඉන්දීවර මහතා පැවසීය.
මෙවර පොත් ප්‍රදර්ශනයට දෙස් විදෙස් පොත් ප්රකාශකයින්ගේ පොත් කුටි 400කට වැඩි ප්‍රමාණයක් ඇතුළත් බව ද ඉන්දීවර මහතා සඳහන් කළේය.
මෙම වසරේ අලුතෙන් ප්‍රකාශයට පත්කෙරුණු කෘතීන් විශේෂ වට්ටම් සහිතව මෙහිදී මිලදී ගැනීමේ අවස්ථාව පාඨකයන්ට හිමිවන බව ද සභාපතිවරයා පැවසීය.
පවතින අර්බුදකාරී තත්වය හමුවේ බොහෝ දෙනෙක් පොදු ප්‍රවාහන සේවා භාවිතයට යොමුව ඇති බැවින් මෙවර රාත්‍රී 7.00 වන විට ප්‍රදර්ශනය අවසන් කිරීමට තීරණය කළ බව ද ඉන්දීවර මහතා කීවේය.