විහාරස්ථානවල විදුලි බිල දරගත නොහැකි ලෙස ඉහළ දැමීමට විරෝධය පෑමක් ලෙස එළඹෙන වප් පොහෝදා සියලු විහාරස්ථාන විදුලි පහන් නිවා දමා දායකයන් සමග එක්ව විරෝධයක් පළ කරන බව ශ්‍රී ලංකා රාමාඤ්ඤ මහනා නිකායේ මධ්‍යම පළාත් සංඝ සභාව තීරණයක් ගත් බව මධ්‍යම පළාත් ප්‍රධාන සංඝ නායක ගොඩමුනේ පඤ්ඤාකිත්ති හිමියෝ පවසති.මහනුවර ගැටඹේ රාජෝපවනාරාම විහාරස්ථානයේ දි ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ අනුනායක කැප්පෙටියාගොඩ සිරිවිමල හිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් රැස්වූ රාමඤ්ඤ මහා නිකායේ මධ්‍යම පළාත් සංඝ සභාවේ භික්ෂූන් වහන්සේලා විශේෂ යෝජනාවක් සම්මත කරගනිමින් විදුලි බිල වැඩි කිරීමට රජය ගත් ක්රිියා මාර්ගයට විරෝධය පළ කරමින් එළෙඹෙන පොහෝ දිනයේ දී සියලු විහාරස්ථානවල විදුලි පහන් නිවා දැමීමට තීරණය කර තිබේ.