පුරාවිද්‍යා කටයුතුවලටත් බාධා

රසායන ද්‍රව්‍ය හිඟය හේතුවෙන් පුරාවිද්‍යා සංරක්ෂණ කටයුතුවලටද දැඩි බාධා එල්ලවී ඇතැයි වාර්තා වේ.

මේ සම්බන්ධයෙන්  පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් අනුර මනතුංග මහතා පැවසුවේ ඩොලර් ගැටළුව හේතුවෙන් රසායන ද්‍රව්‍ය ගෙන්වීමට බාධා මතුව ඇති බවයි.

ජනාධිපති මන්දිරයේ විනාශ වූ භාණ්ඩ සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශන කටයුතුවලටද සේවක ප්‍රශ්නය හේතුවෙන් බාධා මතුව ඇතැයි වාර්තා වේ.

 

කාලීන පුවත්