“එක්ස්ප්‍රස් පර්ල්” රක්ෂණ වන්දි සාකච්ඡා සාර්ථකයි

එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුර නිසා මෙරට සාගර පරිසරයට වූ හානිය නිසා මෙරටට ලැබීමට නියමිතව තිබූ ඩොලර් මිලියන ගණනක් වන රක්ෂණ වන්දිය ලබා ගැනීම සම්බන්ධයෙන් පැවැත්වූ සාකච්ඡා සියල්ල සාර්ථක වූ බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී, එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක සාගල රත්නායක මහතා පැවසීය.

ලංකාවේ මුහුදු සීමාවේදී මීට වසරකට ඉහත දී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමට ලක්විය. මේ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ සාකච්ඡාවක් පැවැති බවත් ඊට නෞකාව අයිති සමාගමේ නියෝජිතයන් මෙන්ම රක්ෂණ නියෝජිතයන් ද ඇතුලු වගකිවයුතු පාර්ශව ගණනාවක් පැමිණි බව සඳහන් කළ සාගල රත්නායක මහතා ඔවුන් සියලු දෙනා ධනාත්මක ප්‍රතිචාරයක් දැක්වූ බවද සඳහන් කළේය.

කාලීන පුවත්