පාන් ගැන තොරතුරු දෙන්න දුරකථන අංකයක්

bread

අඩුබර පාන් අලෙවිකිරීම සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරිය අද (22) කොළඹ ප්‍රදේශ කිහිපයක වැටලීම් සිදුකර තිබුණි.

පාන්වල මිල ප්‍රදර්ශනය නොකිරීම, පාන්වල නියමිත බර නොතිබීම සහ ව්‍යාපාරික ස්ථානයේ තරාදියක් නොතිබීම යන වරදවලට අදාළව බේකරි සහ වෙළෙඳසැල් කිහිපයකට නඩු පවරා තිබේ.

අඩු බර පාන් අලෙවි කරන වෙළෙඳසැල් පිළිබඳ තොරතුරු ලබාදෙන ලෙස මිනුම් ඒකක සහ ප්‍රමිති සේවා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් සුජීව අකුරන්තිලක මහතා සඳහන් කලේ 011 2 18 22 50 යන දුරකථන අංකයට එම පැමිණිලි ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින බවය.

කාලීන පුවත්