තමන් සතුව විවිධ ආධ්‍යාත්මික ශක්තීන් ඇති බවක් පැවසීම නිසා මහත් ආන්දෝලනයට පත් භික්ෂුවක වන බොරැල්ලේ සිරිසුමන හිමි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.තිළිණි ප්‍රියමාලි නැමැත්තිය විසින් සිදු කළා යැයි පැවසෙන මූල්‍ය වංචා සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ වලදී හෙළිවූ කරුණුවලට අනුව මෙම අත්අඩංගුව ගැනීමට ප්‍රමාණවත් කරුණු පැවතීම මත එම අත් අඩංගුවට ගැනීම සිදු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ ය.