මෙවර මහ කන්නයේ වී වගාවේ දී සියයට 30ක් කාබනික පොහොර ද, සියයට 70ක් රසායනික පොහොර ද යොදා ගනිමින් වී වගා කිරීමට නිර්දේශවී ඇති අතර ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර සපයන සමාගම් අසාදු ලේඛනගත කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.දිවයිනේ සියලූම කාබනික පොහොර නිෂ්පාදන සමාගම් කැඳවා මෙවර මහ කන්නයේදී කාබනික පොහොර සැපයීමේ වැඩපිළිවෙළ පිළිබඳව අමාත්‍යවරයා සාකච්ඡා කර ඇති අතර මෙවර මහ කන්නයේ දී වී වගාව සඳහා අවශ්‍ය කාබනික පොහොර ප්‍රමාණය මෙට්‍රික් ටොන් එක් ලක්ෂ පනස් දහසක් බව සඳහන් ය.කෙසේ වෙතත් මේ වනවිට කාබනික පොහොර නිෂ්පාදන සමාගම් සතුව පවතින පොහොර ප්‍රමාණය මෙට්‍රික් ටොන් 80 දහසක් වන බව කෘෂිකර්ම අමාතශ්‍යංශය පවසයි.මේ අතර පසුගිය කාලයේ කාබනික පොහොර නමින් සැපයුණු පොහොර වල ප්‍රමිතිය පිළිබඳව බරපතල ගැටළු පැන නැඟී තිබිණ.