ශ්ලෝකෙ හම්බුනා

sloke

ප්‍රථමේ කාමබන්ධනං චෛව
ඉච්ඡාරෝධ සංසර්ගඃ ද්විතීයම්
තෘතියේ අශ්ලීල ප්‍රවේශකඃ
බන්ධනාගාර ගතඃ චතුර්ථඃ

ස්ත්‍රීලෝල චිත්ත වික්ෂිප්තං
පරදේශේ රතික්‍රීඩකරඃ පරම්
කදාචිත් අතිමෛථුනං කෘත්වා
හරතේ දෘශ්‍ය සාක්ෂි මේවච

සංසර්ග කාලේ භයං පත්වා
උත්ප්ලවම් මෛථිල්‍යකේ
පතිතඃ චන්ද්‍රතල මස්තකේ
පාදභග්නේ අමාත්‍යස්‍ය ච

ඔහොම තමයි පැරැණි පඬ්වරු කිව්වෙ.

පළමු වාරයේ දී ඇති වන්නේ කාමයේ බැඳීමයි. දෙවැනි වර කැමැත්තෙන් තොරව සංසර්ගය කරයි. තෙවැනි වර අසංවර ලෙස ඇතුලු වේ. සිව්වැනි වාරයේ දී සිරගත වේ.

ස්ත්‍රීන් කෙරෙහි කැමැත්තෙන් සිත අවුල් වූ විටෙක ,විශේෂයෙන්ම විදේශ රටක දී රති ක්‍රීඩාවේ යෙදෙන්නේ නම් යම් අවස්ථාවක පමණ ඉක්මවා සංසර්ගය කරයි නම් සීසීටීවී ආදි දෘශ්‍ය සාක්ෂි මකා දැමිය යුත්තේය.

වරෙක සංසර්ග අවස්ථාවේ බියට පත්ව ජනේලයෙන් පැන සඳුලුතලයක් මත ඇදවැටී පාදය බිඳගත් ඇමතියාගේ කතාව ද සිහිපත් කළ යුත්තේය.

හෙළයින් ගේ පරදේශික රතිරහස්‍ය නම් පුස්කොළ පොතෙන් උපුටා ගත්තෙමි.😂😂

ඩැනිස්ටර් පෙරේරා (උපහාසාත්මක ප්‍රබන්ධයකි)

රසගඟුල