තිළිණි ප්‍රියමාලී දේශපාලනඥ නළුවෙකුවත් “අන්දවලා”

මහා පරිමාණයේ මූල්‍ය වංචාවන් රැසක් සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත්ව මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තිළිණි ප්‍රියමාලි දේශපාලනයට සම්බන්ධ ප්‍රවීණ නළුවකුගේ බිරිය සමඟ ඉතා කිට්ටු ඇසුරක් පවත්වන අතරේ විශාල මුදලක් වැය කර එම නළුවාගේ ජීවිත කතාව ඇතුළත් චිත්‍රපටයක් නිෂ්පාදනය කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරනු ලබන විමර්ශනවලින් අනාවරණය වී තිබේ.නමුදු පසුව එම චිත්‍රපටයට වැය කළ මුදල මෙන් දෙතුන් ගුණයක් ඇගේ සමාගමේ ආයෝජනය කරන්නට පොලඹවා එම මුදල් ලබාගෙන ඔහුට ද වංචා කර ඇති බව විමර්ශනවලින් පෙනී ගොස් ඇත.මෙම නළුවාටත් ඔහුගේ බිරියටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ගැනීමට පැමිණෙන ලෙස කිහිප අවස්ථාවකදීම දැනුම් දී ඇතත් ඔවුන් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟහැර සිටින බව කියයි.

කාලීන පුවත්